යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

මැයි 03, 2019

    ආරක්ෂක අංශ විසින් යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

    මෙම සෝදිසි මෙහෙයුමේ දී යාපනය විශ්වවිද්‍යාලය හා ඒ අවට ප්‍රදේශයත් වෛද්‍ය පීඨයේ සිව්වන වසර සිසුන්ගේ නේවාසිකාගාරයත් විශේෂ පරීක්ෂාවට ලක් කර තිබේ.

    යුධ හමුදා භට පිරිස් 300 - 450 කින් යුත් කණ්ඩායමක් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා යොදවා ඇති බව වාර්තා වේ.

    උදෑසන 5 සිට මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මකයි.

    Latest News