එය බෝම්බයක් විය හැකියි....පුංචි ඔබට ඔවදනක්

මැයි 02, 2019

    අප රටේ පවතින වත්මන් තත්වය හමුවේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් යන ඔබ දැනගතයුතු කරුණු කිහිපයක්.

    ඔබ.......

    - පාසැලේදී සහ ඉන් පිටතදී අවධානයෙන් කටයුතු කරන්න.

    - නොදන්නා අය ඔබට දෙන කිසිදු පාර්සලයක් ගන්න එපා.

    - ඔබ ගමන් කරන මාර්ගයේ හා අවට තිබෙන අයිතිකරුවන් නොමැති තෑගි පාර්සල්, සෙල්ලම් බඩු ආහාර මලු අල්ලන්න යන්න එපා.

    - සැක සිතෙන පාර්සල්, බෑග් හා පුද්ගලයින් ගැන ඉක්මනින් ගුරුවරුන් සහ වැඩිහිටියන් දැනුම්වත් කරන්න.

    - සෙනඟ ගැවසෙන ස්ථාන වලින් හැකි ඉක්මනින් ඉවත්වන්න.

    - බස්රථවල තිබෙන තමන්ට අයත් නොවන පාර්සල් හා බෑග් අල්න්න යන්න එපා.

    - පාසල නිම වී හැකි ඉක්මනින් දෙමාපියන් හෝ භාරකරු සමඟින් නිවෙස් කරා පියනඟන්න.

    - අවදානම් සහිත තොරතුරු පිළිබඳ දැනුම්වත් වී ඒ ගැන විමසිල්ලෙන් සිටින්න.

    - සැක සිතෙන පාර්සල් හා වාහන පරික්ෂා කරන ස්ථාන අවට ගැවසීමෙන් වලකින්න.

    - පාසල නිම වූ පසු ගේට්ටුව අසළ එක්රොක් වෙන්න එපා.

     chlibomb01

    පුරවැසියනි ඔබත් සිතට ගන්න

    ඔබ.....

    - සැක කටයුතු වාහන හා පාර්සල්වලින් හැකිතරම් ඉවත්වන්න.

    - සැකකටයුතු සිදුවීම් ළඟම ඇති හමුදා කඳවුරට හෝ පොලිස් ස්ථානවලට වාර්තා කරන්න.

    - ආරක්ෂක අංශ වෙතින් සිදුකරනු ලබන හදිසි පරික්ෂාකිරීම් සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්න.

    - අනවශ්‍යය ලෙස කලබල ඇති නොකර තැනට උචිත පරිදි ක්‍රියාකරන්න.

    - අවට සිටින අනෙකුත් අයව සැකකටයුතු දේ පිළිබඳ අදාළ අංශ දැනුම්වත් කරන්න.

    - වැඩිදියුණු කළ විද්‍යුත් පරිපථ සම්බන්ධ උපරකණ අල්ලන්න එපා.

    - සැකකටයුතු පාර්සල් ලිහා ඒවා පරික්ෂා කරන්න එපා.

    - සැකකටයුතු දේවල් අවට රැස්වන්න එපා.

    - බෝම්බ නිෂ්ක්‍රීය අංශ පැමිණ පරික්ෂණ කරන විට ඒවායේ ඡායාරූප ගන්න එපා.

    - බෝම්බයක් පුපරා ගිය පසු එය නරඹන්න යන්න එපා.

    - ආරක්ෂක අංශ සිදුකරන හදිසි සෝදිසි කිරීම් ගැන සමාජ මාධ්‍යයේ තොරතුරු පළ කරන්න එපා.

     chlibomb02

     

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 18:22

    Latest News