කිංස්බරි බෝම්බකරු DNA තහවුරුවකට.....දියණියගේ රුධිර සාම්පල් ගැනීමට නියෝග

මැයි 02, 2019

    කොළඹ කිංස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවා හැරි මොහොමඩ් අසාම්ගේ දියණියගේ රුධිර සාම්පල යොදාගෙන DNA පරීක්ෂාව සිදු කරන ලෙස අධිකරණය නියෝග කරයි.

    කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරි ත්‍රස්තවාදියා වන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහොත් අබ්දුල්ලාහ් යන සැකකරුගේ දියණියගේ රුධිර සාම්පල යොදාගෙන ඩී එන් ඒ පරීක්ෂාව සිදු කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(02) නියෝග කර ඇත.

    කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කර තිබේ.

    සැකකාර ත්‍රස්තවාදියා‍ යොන් විදිය, කොළඹ 02 ලිපිනයේ පදිංචිව සිට ඇති බවත් ඔහුගේ ඥාතින් පිරිසක් මේ වන විට අත්අඩංගුවේ සිටින බවත් කියා සිටි පොලිසිය මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහහොත් අබුදුල්ලාහ් යන සැකකරුගේ දියණියගේ රුධිර සාම්පල ජාන පරීක්ෂාව සඳහා යොමු කිරිමට අවසර ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයයෙන් ඉල්ලා සිටියේය.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන ජුනි මස 12 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

    Latest News