තවුහිද් ජමාත් නායකයෙකුගෙන් ප්‍රශ්න කිරිමට පොලිසිය ඉල්ලයි... අධිකරණයෙන් පැය 72ක්

අප්‍රේ 29, 2019

    අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නමැත්තා පැය 72 ක කාලයක් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර දී තිබේ.

    කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට පමුණුවනු ලැබීය.

    මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බැවින් ඉදිරි පැය 72ක කාලයක් සඳහා ඔහු පොලීසිය භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කිරීමට අවසර දෙන ලෙසයි. මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයකු ලෙස කටයුතු කර ඇති බවට විමර්ශන වලදී කරුණු හෙළි වී ඇතැයි ද පොලිසිය දන්වා තිබේ. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.

     

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 14:51

    Latest News