අගමැතිගේ ඉල්ලීමට අමෙරිකාවෙන් ප්‍රතිචාරයක්....ඩොලර් මිලියන 480ක ‍‍ප්‍රදානයක්

අප්‍රේ 26, 2019

    ඇමරිකානු එක්සත් ජනපදයේ 'මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා දීමට තීරණය කර තිබේ.

    අමෙරිකාව මෙම තීරණයට එළැඹ ඇත්තේ අප්‍රේල් මස 25 වනදා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

    මෙම ප්‍රදානය යටතේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කෙරෙන අතර එම ව්‍යාපෘති අවසන් කිරිමට ශ්‍රී ලංකාවට වසර 5 ක කාලයක් ලැබේ. රථ වාහන ගමනා ගමන වේගය වැඩි කිරීම, ගතවන කාලය අඩු කිරීම, රථවාහන දුම අඩු කිරීම සහ අනතුරු අවම කිරීම මගින් වාහන තද බදය අවම කිරීම, රජයේ සහ පෞද්ගලික බස් රථ ඇතුළත් ගමනාගමන සේවය නව්‍යකරණය කිරීම එම ව්‍යාපෘති වලට අයත්වේ. කොළඹ මහානගර සීමාව තුළ විශේෂ ගමනාගමන සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ද ඊට අයත්වේ.

    සමරගමුව, ඌව, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත් කොළඹ වෙළෙඳපොළවලට සහ අපනයන කේන්ද්‍රස්ථානයට සම්බන්ධ කෙරෙන මධ්‍යම වටරවුම් මාර්ගයට අදාළ කිලෝමීටර 131 ක මාර්ග ජාල වැඩි දියුණු කිරීම ද මේ යටතේ සිදු වෙයි.

     

     

     

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 17:12

    Latest News