වතු කම්කරුවන් දෙදෙනෙකුට දිවි ප්‍රහාරයක්

අප්‍රේ 26, 2019

    බගවන්තලාව කොටියාගල තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් දෙදෙනෙකුට දිවියෙකු පහර දිමෙන් බරපතල තුවාල ලබා තිබේ.

    තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බව බගවන්තලාව පොලිසිය පවසයි.

    අද (26) උදැසන 10.30 ට කම්කරුවන් තේ වතුයායේ වැඩ කරමින් සිටියදි තේ පදුරු මත සැගව සිටි දිවියා මුලින්ම ඔවුන්ට පහර දී ඇත. එම අවස්තාවේ ඔහු බේරා ගැනිමට ගිය අනෙක් වතු කම්කරුවාව දිවියා සප කා ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේය.

    පහර දුන් දිවියා තේ වතුයායේ රැදි සිටිම හේතුවෙන් නොසන්සුන්කාරි ලෙස වතු කම්කරුවන් හැසිරි තිබේ. ඒ අනුව දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනිමට හෝ රක්ෂිතයට පලවා හැරිමට නල්ලතන්නිය වනජිවි නිලධාරින් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරින් වතු කම්කරුවන් මෙහෙයුමක් දියත් කර ඇත.

    තේ වතු යායේ සැරිසරන දිවියන් වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණෙන අවස්තාවේ වතු කම්කරුවන්ගේ නොසන්සුන්කාරි තත්ත්වය නිසා දිවියන් වතු කම්කරුවන්ට පහර දෙන බව වනජිවි නිලධාරින් පවසයි.

    tigerattacked1 px 900 19 04

    tigerattacked2 px 900 19 04

    tigerattacked3 px 900 19 04

     

    Latest News