කොළඹ සෝදිසි මෙහෙයුම්වලට අනිසි බියක්

අප්‍රේ 25, 2019

    ඇතිවී තිබෙන තත්වය හමුවේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හදිසි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

    ඒ සම්බන්ධයෙන් ඇතැම් රජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට දැනුවත් කිරිමේ නිවේදන නිකුත් කර තිබිණ. එම ආයතනවල කාර්ය මණ්ඩලවල ආරක්ෂකව වෙනුවෙන් සේවා ස්ථානවලම රැඳි සිටින ලෙස දැනුවත් කිරිම් ද සිදුකර ඇත. 

    කොළඹ නගරයේ ආරක්ෂව තහුරු කිරිම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම් හමුවේ කිසියම් සිදුවීමක් සිදුවිය හැකි බවට කට කතා පැතිරෙමින් තිබෙන බවත් වාර්තාවේ.

    මේ අනුව සැක කටයුතු ලෙස ධාවනය වන, නවතා ඇති මෝටර් රථ හා පුද්ගලයන් පිළිබඳව ආරක්ෂක අංශ නිරතුරුව අවදියෙන් සිටින බවත් ඒ අනුව පරික්ෂ කිරිම් සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම ද ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. එ බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 15:02

    Latest News