රටවල් 13ක විදේශිකයින් මියගොස් ඇති බව අනාවරණය කෙරේ

අප්‍රේ 25, 2019

    පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් රටවල් 13 කට අයත් විදේශිකයින් ජිවිතක්ෂයට පත් ඇති බව අනාවරණය වේ.

    මියගිය විදේශිකයින් 36 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඔවුන් චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, ඩෙන්මාර්කය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, සෞදි අරාබිය, ප්‍රංශය, තුර්කිය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලට අයත් බව සඳහන් වේ.

    ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 06 දෙනෙකු, ඩෙන්මාර් ජාතිකයින් තිදෙනෙකු ඒ අතර වන බව, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    ප්‍රහාර වලින් තුවාල ලැබූ විදේශකයින් 12 දෙනෙකු මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

    විදේශිකයින් 14 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව ද පැවසේ.

    Latest News