උතුරේ පාසල්වලට විශේෂ නිවාඩුවක්

නොවැ 05, 2018

    දීපාවලී උත්සවය නිමිත්තෙන් උතුරු පළාතේ සියලුම පාසල් සඳහා අද විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    උතුරු පළාත් ආණඩුකාර රෙජිනෝලඩ් කුරේ මහතාගේ උපදෙස් මත උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන දීපාවලී උත්සවය හෙට පැවැත්වේ.

    අද දිනය වෙනුවට ලබන සෙනසුරාදා විශේෂ පාසල් සැසිවාරයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News