යුද්ධයකට ඉඩක් නැහැ........මෙම ක්‍රියාවන් කෙටි කලකින් අවසන් කරනවා..... අගමැති රනිල්

අප්‍රේ 23, 2019

    ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන ත්‍රස්තවාදය නැති කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “අද අපි ගොලීය ත්‍රස්තවදයේ කොටසක් ලෙස ඇතුල් වෙලා. අද ගෝලීය ත්‍රස්තවාදී ඉන්ඩෙක්ස් අනුව ජාතිවාදය පදනම් කරගත් ත්‍රස්තවාදයට වඩා ආගම පදනම් කරගත් ත්‍රස්තවාදය ඉදිරියට ඇවිත් තියෙනවා. සංවිධානත්මක දීගකලීන ත්‍රස්තවාදයක් ලෙස මෙය කියන්න පුළුවන්. අතළොස්සක් සහභාගී වුවත් මෙය දීග කාලින සැලසුම් ඇතිව ඇති කර තිබෙන්නේ. මෙවැනි ප්‍රහාර කීපයක් සකස් කර තිබෙනවා. එයින් කීපයක් නවත්වාගෙන තියෙන්නේ. මෙය සැලසුම් කරන පුද්ගලයන් ඉන්නවා. දිවි නසගන්නා අය පාලනය කරන අය ඉන්නවා. පොලිසිය ආරක්ෂ අංශ බුද්ධි අංශය මෙවැනි අය අත් අඩංගුවට ගන්නවා. හදිසි නීතිය හදුන්වා දුනා. අත්අඩංගුවට ගැනීමේ බලතල හමුදාවට ලබාදුනා. වැදගත් කරුණු කීපයක් ලබා ගෙන තිබෙනවා. නොමඟ ගියේ ස්වල්පයක් පමණයි. මුස්ලිම් ජනතාව මීට විරුද්ධයි. මෙයට විරුද්ධ සියලු දෙනා විරුද්ධ විය යුතුයි. මෙතැන අරමුණක් වී තිබෙන්නේ ආර්ථිකයට පහර දීමටයි. දැන් සංචාරක ස්ථාන ආරක්ෂා කරන්න ආර්ථිකය ශක්තිමත් කරන්න වෙනම පියවර අරගෙන යනවා. තව අවුරුදු 30 යුද්ධයකට යන්න ඉඩ දෙන්නේ නෑ. මෙය අවසන් කිරීමට පියවර ගන්නවා. එක්සත් ජාතින්ගේ මහලේකම්තුම සහාය දෙන්න කියලා පොරොන්දු වී තිබෙනවා. දුරකතනයෙන් හා ලිපි මඟින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇතුළු රාජ්‍ය නායකයින් සමඟසාකච්ඡා කළා. ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට උදව් කිරීමට කැමැත්ත ප්‍රකාශ කළා. ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන ත්‍රස්තවාදය නැති කිරීමට පියවර ගන්නවා. ජාත්‍යන්තර සහයෝගයෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ගත යුතුයි. මහජන සහයෝගය ලබාගෙන කටයුතු කළ යුතුයි. අභියෝගයට මුහුණ දීලා කටයුතු කරමු“ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    Latest News