කටුවාපිටිය පිපිරීමෙන් මියගිය පිරිසකගේ අවසන් කටයුතු අද

අප්‍රේ 23, 2019

    මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් පිරිසකගේ අවසන් කටයුතුවලට අදාළව විශේෂ යාඥා මෙහෙයක් අද (23) පෙරවරුවේ එම දේවස්ථානයේදී සිදු කෙරිණ.

    ඒ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්. මියගිය එම පිරිසගේ දේහයන් මීගමුව ප‍්‍රදේශයේදී එකම ස්ථානයක භූමිදානය කිරීමට නියමිතව තිබේ.

    මේ අතර එම දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මියගිය තවත් පිරිසකගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනු ඇති.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 15:03

    Latest News