ෂෑන්ග්‍රිල්ලා ප්‍රහාරයේ සැලසුම හමුවේ.... බොම්බය හැදු ස්ථානයත් තහුරුවේ

අප්‍රේ 22, 2019

    ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු පානදුර පරත්ත ෂෙරිට් මාවතේ කුලී පදනම මත ලබාගත් නිවසක් භාවිතා කර තිබේ.

    මේ අනුව මෙම බොම්බ ප්‍රහාරයට අදාල සැලසුම බෝම්බය නිෂ්පාදනය මෙහිදි කර ඇති බව වාර්තාවේ. බෝම්බයි සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය පොලිසිය විසින් සොයාගෙන ඇත.

    මෙම නිවසේ තිබි සාදන ලද බෝම්බයේ දළ සටහන ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බෝල දමා තිබූ දවටන විශාල ප්‍රමාණයක්, බැටරි සහ වයර් ඇතුළු උපකරණ රැසක් හමුවු බව පොලිසිය පවසයි. විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස්, සිම්පතක්, සිම්කාඩ් පතක සැකිල්ලක් සොයාගැනීමට පොලිසියට හැකිවි තිබේ.

    නිවාසේ හිමිකරු “දෙදෙනෙක් ඇවිත් තමයි මේ නිවස මගෙන් කුළියට ගත්තේ“ යැයි පවසන විට පොලිස් නිළධාරියෙකු විසින් ජංගම දුරකථනයක ඇති ඡායා රූපයක් පෙන්වායි. එවිට නිවස හිමිකරු ඡායාරූපය හදුනා ගනී. “ මෙයා තමයි මගෙන් නිවස ගන්නට අවේ. තවත් කෙට්ටු අයෙකුත් හිටියා. එකවර වසරක මුදල් ගෙව්වා. පවුල් දෙකක් පදිංචි වෙනවා“ යැයි පැවසු බව ඔහු පොලිසියට කියා සිටියේය.

    Latest News