ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලය සමන්විතය.
අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීමට මෙම විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයට ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.