වතුකරයේ මැයි රැළි දෙකක් නවතී

අප්‍රේ 22, 2019

    වතුකරයේ පැවැත්විමට සුදානම් කර තිබු ප්‍රධාන මැයි දින පෙලපාලිය සහරැලි දෙකක් අවලංගු කිරිමට එම පක්ෂ නායකයන් තිරණය කර තිබේ.

    කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය සහ දමිල ප්‍රගතිශිලි සන්ධානය සමග එක් වි මෙවර මැයි දින පෙලපාලිය සහ රැළිය (05.01) දින තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේදි පැවැත්විමට සුදානම් කර තිබිණ. එ අනුව එම මැයි දින රැළිය අවලංගු කිරිමට කටයුතු කල බව එම පක්ෂයේ නායක අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.

    ඊයේ (21) කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරිම් කිහිපයක් හේතුවෙන් මිය ගිය අයට ගරු කිරිමක් වශයෙන් මැයි දින රැළිය අවලංගු කිරිමට කටයුතු කල බවත්, එදින මිය ගිය අය සිහි කර ඔහුන්ට පින් පමුණුවා වතුකරයේ සියළුම හින්දු කොවිල් වල ආගමික වතාවන් පැවැත්විමට තිරණය කර තිබේ.

    මේ අතර ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින පෙලපාලිය සහ රැළිය නුවරඑලිය නගර සභාව ක්‍රීඩාංගණයේදි පැවැත්විමට කටයුතු සුදානම් කර තිබිණ. මේ අනුව මැයි දින පෙලපාලිය සහ රැළිය අවලංගු කිරිමට කටයුතු කල බවත්, එදින පිපිරිමෙන් ජිවිතක්ෂයට පත් අය සිහි කරමින් වතුකරය පුරා ආගමික වතාවන් පැවැත්විමට කටයුතු කර ඇති බවයි එම පක්ෂයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

    Latest News