හක්මන වෙඩි තැබීමකින් අයෙක් මරුට

නොවැ 04, 2018

    හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලොකුහකුරුගේ ශාන්ත මහතා අද (04) සවස හක්මන කැබලියපොළදී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

    යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව හක්මන පොලිසිය පවසයි. වෙඩි වැදීමෙන් පසු හක්මන ගංගොඩගම රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් තිබේ.

    Latest News