පළාත් රැසකට සවසට තද වැසි

අප්‍රේ 13, 2019

    මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහබස්නාහිර පළාත්වල සහ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව සහ දකුණුපළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම්ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි. 

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.අද දින (13) දහවල් 12.10 ට තිරුකේශ්වරම්, පලයිමොඩ්ඩායි, මාලිකායි, පරාක්‍රමපුර, කැල්ලරවයන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

    පුත්තලම සිටකොළඹ සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    කන්කසන්තුරය සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. 15-25 පමණ වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

    Last modified on සෙනසුරාදා, 13 අප්‍රේල් 2019 09:12

    Latest News