සැඟවුණු වස්තූන් සොයා ගොස් මාට්ටු

අප්‍රේ 12, 2019

    බෙලිඅත්ත ගැටමාන්න රිලාගලයාය කඳුපන්තියට අයත් ප්‍රදේශයක අධිබලැති පුපුරන ද්‍රව්‍ය භාවිතා කර නිධන් හැරීමට කැණීම් සිදුකළ ස්ථානයක් වැටලීමට බෙලිඅත්ත පොලිසිය සමත්ව තිබේ.

    මෙම ස්ථානයේ අඩි හතක පමණ කැණීම් සිදුකර තිබු බව පොලිසිය පවසයි.

    මෙහි කුඩාරම් සවිකර තිබී ඇති අතර නිලධාරීන් වැටලීම සිදුකරන විට සැකකරවන් පලා ගොස් ඇත.

    අධිබලැති පුපුරන ද්‍රව්‍යයක් වන විදුලියෙන් ක්‍රියාකරන ඩෙටනේටර් හතක්, ජෙලිග්නයිට් කූරු සහ ඇමෝනියම් නයිට්ට්‍රේට් ද, විදුලි උත්පාදක යන්ත්‍රයක් ඇතුලු තවත් උපකරණ ගණනාවක් සොයාගෙන තිබේ. පලා ගිය සැකකරුවන් සොයා බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

    Latest News