ශ්‍රී ලංකාවට ඇ.මි.125 ක ආධාරයක්

අප්‍රේ 12, 2019

    දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ අරමුණින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් හිමිවේ.

    ඒ සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය අනුමැතිය ලබා දී තිබේ. ගිවිසුමට පසුගිය 11 වැනි දින අත්සන් කෙරිණ. පරිසර හිතකාමී කෘෂිකාර්මික ක්‍රමවේද හා තාක්ෂණය වැඩි දියුණු කිරීම, ඵලදායීතාව ඉහළ නැංවීම, වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය මේ යටතේ සිදු කෙරේ. වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. පළාත් 6 ක් ආවරණය කරමින් පොළොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට, කිළිනොච්චිය, කුරුණෑගල, මොණරාගල, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්කයන් මූලික කරගනිමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

    Last modified on සිකුරාදා, 12 අප්‍රේල් 2019 14:15

    Latest News