අභාවප්‍රාප්ත එච්.එම්.ජයවර්ධනයේ අවසන් කටයුතු අද

අප්‍රේ 10, 2019

    අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදී එච්.එම්.ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (10) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

    මේ වන විට දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ. ප්‍රවීන සංගීතවේදී එච්.එම්.ජයවර්ධන මහතා පසුගිය 8 වැනිදා අභාවප්‍රාප්ත වූයේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට ඔහු 69 වැනි වියේ පසුවිය.

    ප්‍රවීන සංගීතවේදියෙකු හා ගීත රචකයෙක් වන එච්.එම්.ජයවර්ධන මහතා, ප්‍රේමය නම්,සඳ තරු නිහඩයි,ඹබයි රම්‍ය සඳ කිරණ,කඩමංඩියේ දොල අයිනේ,ඇය යන්න ගියා මැකිලා ඇතුළු ගීත රැසක තනු නිර්මාණ හිමිකරුවායි.

    එකයායේ එකම කකා,ගංගාව මමයි ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක් ඔහු විසින් ගායනා කර තිබේ. නැසීගිය සංගීතවේදිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයා වන එච්.එම්.ජයවර්ධන මහතා, නවපරපුරේ සංගීතවේදියෙකු වන කසුන් කල්හාර මහතාගේ පියානන්ද වෙයි.

    Last modified on බදාදා, 10 අප්‍රේල් 2019 09:41

    Latest News