“ජල නිම්න-හරිත අරණ“ - සෝමාවතිය පුදබිමේදී

නොවැ 02, 2018

    “ජල නිම්න-හරිත අරණ“ රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදේ ආරම්භ කෙරුණා.

    ඒ, ඓතිහාසික සෝමාවති පුදබිම අභියස දී. වන රෝපා පරිසර සංරක්‍ෂණ ජාතික වැඩසටහනට සමගාමීව එය ක්‍රියාත්මක වන්නේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණිම් කාර්යාංශයේ මෙහෙයවීමෙන්.ගංගා ජලයට පස් අංශු මිශ්‍රවීම වළක්වා, පාංශු සංරක්‍ෂණයට දායකවීම, ගංගා ඉවුරු ශාකවලින් ඉටුවන ප්‍රමුඛ පාරිසරික සේවාවක්.

    මෙම සංවේදී පරිසර පද්ධති රුක් රෝපණය මගින් ප්‍රතිස්ථාපනය ජල නිම්න “හරිත අරණ“ වැඩසටහනේ අරමුණයි. සෝමාවති පුදබිම පරිශ්‍රයේ ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ කරඳ පැළයක් රෝපණය කරමින් ජනාධිපතිතුමා වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළා. අනතුරුව එතුමා සෝමාවති පුදබිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතවුණා. සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් ආගමික වතාවත් සිදුකර ජනාධිපතිතුමාට ආශීර්වාද කළා.

    මෙහි පැමිණෙන මහා සංඝරත්නය හා සැදැහැවතුන් සඳහා නේවාසික පහසුකම් සලසමින් ඉදි කෙරුණු තෙමහල් නව විශ්‍රාම ශාලාව විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. රුපියල් තුන්කෝටියක් පමණ මීට වැය කර තිබෙනවා. ධන පරිත්‍යාග සිදු කරනු ලැබ ඇත්තේ පෞද්ගලික සමාගමක කළමණාකාර අධ්‍යක්‍ෂවරයෙකු සහ දායක සභාව විසින්.

     

     

    Latest News