ගබඩාවක් නැත්නම්; ඡංගම වී මිලට ගන්න රජය සූදානම් (වීඩියෝ)

අප්‍රේ 06, 2019

    වී ගබඩා නොමැති ප්‍රදේශවල ජංගම වී මිල දී ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

    රජයේ සහතික මිල යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 37කට මිල දී ගැනෙන අතර, සම්බා වී කිලෝවක මිල රුපියල් 41ක්. මෙවර වී මෙට්‍රික්ටොන් එක්ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරයි.

    මේ වන විට මිල දී ගෙන ඇත්තේ වී මෙට්‍රික් ටොන් 30,000කට ආසන්න ප්‍රමාණයක් බවයි, එම මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා පවසන්නේ. රජය වී සඳහා සහතික මිල නියම කර ඇත්තේ ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා කිරීමට බව ද ඔහු කියා සිටියි.

     

     

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 19:56

    Latest News