මත්පැන් බලපත්‍ර සම්බන්ධ ගැසට් නිවේදනයකට අතුරු නියෝගයක්

දෙසැ 06, 2024
    ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්රියාත්මක කිරීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

    ශ්රී ලංකා මත්පැන් අලෙවි බලපත්ර හිමියන්ගේ සංගමය විසින් ගොනුකළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ඒ.එච්.එම්.ඩී.නවාස්, කුමුදුනී වික්රමසිංහ සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

    ශ්රී ලංකා මත්පැන් අලෙවි බලපත්රලාභීන්ගේ සංගමය විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
     
    පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2024/1 දරන ගැසට් නිවේදනය මගින් මත්පැන් බලපත්ර සඳහා වන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන විස්ස දක්වා වැඩිකල බවයි.
     
    මෙම බලපත්ර වාර්ෂික බලපත්ර ගාස්තු වැඩි කිරීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.
     
    ඊට අමතරව 2017 වසරේ නිකුත් කළ ගැසට් නිවේදය අනුව බලපත්ර ගාස්තු අය කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

    Latest News