Update : රයන් අප්‍රියල් 11 තෙක් රිමාන්ඩ්

අප්‍රේ 05, 2019

    Update : අධිකරණයට ඉදිරිපත් කළ රයන් වෑන් රූයන් අප්‍රියල් 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

    ඔහුගේ මෝටර් රථයේ තිබී සොයාගත් කේරළ ගංජා ග්‍රෑම් 05ක ප්‍රමාණයක් සොයා ගැණිනි.

    රයන් සමඟ CID භාරයට ගත් සිව් දෙනා මුදා හරී - 12.05

    ඩුබායි සිට පිටුවහල් කළ රයන් වෑන් රූයන් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අනෙක් සිව් දෙනා ප්‍රශ්න කිරීම්වලින් පසු මුදා හැර තිබේ.

    මේ අතර රයන් වෑන් රූයන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරෙන බව පොලිසිය පවසයි. ඔහු භාවිත කළ මෝටර් රථයක් වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවතා තිබියදී වැලිගම පොලිසිය විසින් පසුගිය දා සොයා ගනු ලැබිණි. එම මෝටර් රථයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 05ක පමණ ප්‍රමාණයක් ද සොයා ගැණිනි.

    Last modified on සිකුරාදා, 05 අප්‍රේල් 2019 16:17

    Latest News