ඛනිජ තෙල් වෙඩි තැබීම; ඇමති අර්ජුනගේ ආරක්ෂක නිදහස්

අප්‍රේ 05, 2019

    පසුගිය වසරේ ඔක්තෝබර් 27 වැනිදා ඛනිජ තෙල් සංස්ථා භූමියේ වු වෙඩි තැබීමේ සිද්ධියට චෝදනා ලද ඇමති අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා අරුණ ශ්‍රී නන්දන සිල්වා මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

    මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවණු ලැබිණ.

    කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ ඇමති ආරක්ෂක නිලධාරි අරුණ ශ්‍රී නන්දන සිල්වා සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි. ඒ අනුව සැකකරු මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇමති ආරක්ෂක නිළධාරියා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි අතර පසුව කොළඹ මහාධිකරණයේ නියෝග මත මෙම ඇප මත මුදාහැරි තිබිණ.

    ඉකුත් ඔක්තෝබර් මස දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට අමාත්‍ය අර්ජුන රණතුංග ගිය අවස්ථාවේ කලහාකාරි පිරිසක් එම පාරිශ්‍රයට ඇතුල්වි කළහකාරී අන්දමින් හැසිරිමෙන් ඇතිවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුළව ලැබීය. එම සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරියා‍‍ට මිනිමැරීමේ චෝදනා ඉල්ල වුයේය. එම චෝදනා වලින් අද ඔහු නිදහස් කිරිම සිදුකෙරිණ.

    Last modified on සිකුරාදා, 05 අප්‍රේල් 2019 16:03

    Latest News