රුපියල ශක්තිමත්වේ - මහ බැංකු සංචිතයත් ඉහළට

අප්‍රේ 02, 2019

    සතියක් තුළ තෙවන දිනටත් ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (02) ඉහළ ගොස් තිබේ.

     ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.66 ක් ලෙසින්ද ගැනුම් මිල රුපියල් 172.82 ක් ලෙස පහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 177.23 ක් ලෙසින්ද ගැනුම් මිල රුපියල් 173.38ක් ලෙස සටහන්ව තිබිණ.

    ඉකුත් වසරේ පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව අවප්‍රමාණය වු අතර නැවතත් රුපියලේ වටිනාකම ඉහල යාම ආරම්භ වුයේ මේ වසරේ මාර්තු සිටයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍ය ශීලි විනිමය අනුපාත ක්‍රමය අනුගමනය කරන අතර ඩොලර් වලට ඇති ඉල්ලුම සහ සැපයුම අනුව රුපියලේ වටිනාකම තිරණයවේ. පසුගිය වසරේ අවසන් කාර්තුවේ ඇති වු අයාහපත් තත්වය උඩ ශ්‍රි ලංකාවේ ආයෝජනය කර තිබු විදේශ මුදල් විශාල වශයෙන් ඉවත් කර ගැනිම සිදුවු බව මහ බැංකුව පවසයි.

    මේ අනුව අනුගමනය කළ ක්‍රියා මාර්ග හේතුවෙන් නැවතත් විදේශ මුදල් ආයෝජනය ආරම්භව ඇතැයි මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. එ අනුව ඩොලර් බිලියන 6ක් පැවති මහ බැංකු සංචිතය ඩොලර් බිලියන 7.6 දක්වා වර්ධනය වි තිබේ. පසුගිය කාලය තුළ ශ්‍රි ලංකාවට ඩොලර් බිලියන 2.4 මුදලක් ලැබි ඇති බවත් ඔහු කියා සිටියේය.

    පසුගිය වසරේ දෙසැම්බර් මාස ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.69 දක්වා ඉහළ ගියේය.

    dollar px 900 19 04 02

     

     

     

     

     

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 18:36

    Latest News