දුම්රිය වර්ජනය අවසන්

ජූනි 10, 2024
    පසුගිය 06 වැනිදා මධ්යම රාත්රියේ සිට ආරම්භ කර තිබූ දුම්රිය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

    ඒ ප්රවාහන අමාත්යවරයා සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

    ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා සහ දුම්රිය රියදුරු වෘත්තිය සමිති අතර මෙම සාකච්ඡාව ප්රවාහන අමාත්යාංශයේදී පැවැත්වුණා.
     
    ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් මෙම වර්ජනය ආරම්භ කළේ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්රමාද වීම, බඳවා ගැනීම් ප්රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින්.
     
    කෙසේවෙතත් මේවන විට දුම්රිය වර්ජනය අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

    Latest News