2023 උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වේ

මැයි 31, 2024

    2023 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

    විභාගය පැවැත්වුණේ ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වායි. අපේක්ෂකයින් 269,613 දෙනෙකු මෙවර විභාගයට පෙනීසිටි අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 40,556ක්. 173,444ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයින් 190කගේ ප්‍රතිඵල අත්හිට වූ බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Latest News