ෂෙල්ටන් ප්‍රේමරත්න දිවි ගමනට සමුදෙයි

මැයි 30, 2024
    මියුරු ගී තනු නිර්මාණය කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) උදෑසන ඕස්ට්‍රේලියාවේදී අභහවප්ප්‍රාප්ත වී තිබෙනවා.
    1931 වසරේ අප්‍රේල් 29 වන දින කොටහේනේ දී උපත ලද ප්‍රේමරත්න මහතා අභහවප්ප්‍රාප්ත වනවිට 94 වැනි වියේ පසුවිය.

    ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1952 දී වේදිකාගත කළ ‘හීන කුලය’ නම් නාට්‍ය හරහා ය.

    ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්න විසිනි.

    ‘හුනුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ දස්කම් මනාවට පෙන්වූ උදාහරණ කිහිපයකි.

    අභාවප්‍රාප්ත ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.
    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 15:27

    Latest News