ස්වීඩනයේ නටන්නගිය අපේ කට්ටිය

ජූනි 01, 2024

    ස්වීඩනයේ ගොතන්බර්ග් නගරයේදී පසුගියදා “හම්මකුලන් කානිවල් 2024” කලා මංගල්‍යය පැවැත්වුණා.

    ස්විඩන් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය නර්තන කණ්ඩායමක් සාම්ප්‍රදායික නර්තන අංගයක් ඉදිරිපත් කිරීම මෙහිදී කැපී පෙනෙන සිදු වීමක් වුණා.  එරට විශාලතම සහ විචිත්‍රවත්ම සංස්කෘතික කලා මංගල්‍යය මෙයයි. 1974 වසරේ සිට අඛණ්ඩව සෑම වසරකම මැයි මස මෙම කලා මංගල්‍යය එරට පැවැත්වෙනවා. එහිදී, ස්විඩනයේ පදිංචිව සිටින විවිධ ජන කොට්ඨාසවල නර්තන සම්ප්‍රදායන් නිරූපණයට අවස්ථාව හිමි වනවා. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකිකයන්ට ද මෙවර එම කලා උලෙළ සඳහා නර්තන අංගයන් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වුණා. බෙර වාදන ශිල්පීන් ඇතුළු ‘ප්‍රාතිහාරී’ නම් ශ්‍රී ලංකික නර්තන කණ්ඩායමකටයි, එම අවස්ථාව හිමි වුණේ. ඊට ස්විඩන් ජනතාවගේ නොමද ආකර්ශණය හිමි වීම විශේෂත්වයක්. රටවල් 20 ක නර්තන කණ්ඩායම් 40 ක ශිල්පීන් දහසක් පමණ මෙම කලා මංගල්ය යට සහභාගී වුණා.

    Latest News