දිවිනැගුම ප්‍රජාමූල බැංකුව විගණනය පෞද්ගලි සමාගමකින්

නොවැ 01, 2018

    2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීමට භාවිතා කළ මුදල් රජයේ අරමුදල් නොවන බව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු ගණකාධිකාරී ජී. රත්නායක මහතා අද කොළඹ මහාධිකරණයේදි ප්‍රකාශ කලේය.

    නිවාස ආධාර ලබාදීම සඳහා දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2992 ක මුදලක් වැය කිරීමෙන් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණයට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි දෙමින් සාක්ෂිකරු මේ බව කියා සිටියේය.

    කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ නඩු කැඳවිණ.

    විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු ගණකාධිකාරීවරයා කියා සිටියේ 2014 නොවැම්බර් මස දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර ලබාදීම සඳහා "ඉසුරුමත් නිවහන" යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක බවයි.ඊට යොදාගත්තේ දිවිනැගුම ප්‍රජාමූල බැංකු සතු අරමුදල් බවත් එම මුදල් දිවිනැගුම ආධාර ලාභීන්ගේ මුදල් බව ද කියා සිටියේය. ඉසුරුමත් නිවහන වැඩසටහනට වැය කළ මුදල් රජයේ අරමුදල් නොවන බව ඔහු අධිකරණයේ සාක්ෂි දෙමින් පෙන්වා දුන්නේය.

    දිවිනැගුම ප්‍රජාමූල බැංකුව අරමුදල් රජයේ අරමුදල් නොවන හෙයින් ඒවා රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් නොවන බව අවධාරනය කලේය. එය earnest and young නමැති පෞද්ගලික විගණන සමාගමක් විසින් විගණනය කරන බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

    වැඩිදුර සාක්ෂි විභාගය ලබන 15 දා තෙක් කල් තැබුණා.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය නම් කර තිබේ.

     

    Latest News