වම් පාදයෙන් O/L ලියා විශිෂ්ටයෙකු වූ රෂ්මී

මාර් 29, 2019

    දෑත් දෙකම සහ එක් පාදයක් ආබාධයට ලක්ව තම ජිවිතය එක් කඩඉමක් විශිෂ්ට ලෙස ජයගත් ශිෂ්‍යාවක් තමයි ඇහැළියගොඩ ජාතික පාසලේ රෂ්මි නිමේෂා ගුණවර්ධන දියණිය.

    කෙනෙක් දෑතේ වීරයෙන් ජිවිතය ජයගනී. තවත් අයෙක් සිතේ දිරියෙන් ජිවිතය ජයගනී. එහෙත් දෑත් දෙකම සහ එක් පාදයක් අහිමිව තම සිතේ ධෛර්යයෙන් ජිවිත ජයගත් මේ දිරිය දියණිය නිමේෂා ගුණවර්ධනයි.

    ඇහැළියගොඩ ජාතික පාසලේ ඉගෙනුම ලබන රෂ්මි නිමේෂා ගුණවර්ධන දියණිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගෙන තිබේ. දෙල්ඔළුව කනිටු විදුහලෙන් තම ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කරන රෂ්මි, ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇහැළියගොඩ ජාතික පාසල වෙත ඇතුළත්ව ඇත.

    සිය වම් පාදය උපයෝගි කර ගනිමින් විභාගය ලියූ රෂ්මි, මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් සහිතව විභාගය ඉතා ඉහලින් සමත් වූවාය. ඇයගේ දෙමාපියන් දෙදෙනා ද එම පාසලේම ගුරුවරුන්.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 20:41

    Latest News