ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනයට නව දුරකථන අංකයක්

ජන 06, 2024

    ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

    නව අංකය හඳුන්වා දී ඇත්තේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ අද සිට මෙම දුරකථන අංකය ක්‍රියාත්මකයි. ඒ අනුව, 011 796 63 66 දුරකථන අංකයට නිවාඩු දින ද ඇතුළුව පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ඩෙංගු රෝගය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මෙන්ම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට ද ඇමතිය හැකියි.

    Latest News