සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට යළිත් කොළ එළියක්

දෙසැ 14, 2023

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජපාන රජය සමග තවදුරටත් සාකච්ඡා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

    ඔහු අවධාරණය කළේ, එම ව්‍යාපෘතිය යළි කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.  ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර, පැවති සාකච්ඡාවලදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබෙනවා. කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් මේ සඳහා වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ යාම ඊට හේතුවයි. කෙසේ වුවද, ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර පැවති සාකච්ඡාවලදී ගනු ලැබූ තීරණ අනුව, මීට අදාළව ලබන වසර තුළ පොදු පහසුකම් විතැන්කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇති බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරනවා.

    Last modified on සිකුරාදා, 15 දෙසැම්බර් 2023 14:23

    Latest News