අදත් තද වැසි - අහසත් වලාකුලින් බ‍රවේ

දෙසැ 16, 2023

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    උතුරු, උතුරු - මැද, නැගෙනහිර, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල වටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලිමක් කර ඇත.

    Latest News