අග්බෝව රූගතකළ අයෙක් අත්අඩංගුවට

දෙසැ 14, 2023
    රෝගී වී සිටින අග්බෝ ඇතාට හිංසාවන අයුරින් ඩ්රෝන කැමරාවකින් දර්ශන ලබාගත් පුද්ගලයෙකු හා ඩ්රෝන කැමරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඉදිරි වම් පාදයට වෙඩි වැදීම හේතුවෙන් රෝගීව සිටි අග්බෝ ඇතා දැන් තරමක සුව අතට හැරුණු නමුත් දින කිහිපයක සිට දහවල් කාලය "උලගල්ල වැව්" ස්මත්තේ ජලයේ රැදී සිටින බවයි ගම්මුන් පවසන්නේ.

    පුද්ගලයන් කිහිප දෙනෙකු යම් වැඩසටහනක් සදහා යැයි පවසමින් අග්බො ඇතාව රූගත් කිරීම් සිදුකර ඇති අතර, එහෙදී ඇතා තරමක නොසන්සුන්තාවයකට පත්ව තිබෙනවා. එය දුටු ප්රදේශවාසීන් ද එම පුද්ගලයින්ට විරෝධය පල තිබෙනවා.
     
    අනතුරුව, තිරප්පනේ පොලීසිය නිළධාරින් පැමිණ ඩෝන කැමරාව හා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
     
    පොලීසිය සදහන් කළේ මීරිගම පිහිටි ශ්රී ලංකා ගුවන් හමුදා පාලන මධ්යස්ථානයට ලැබුණු සංඥාවක් අනුව පොලීසියට කළ දැනුම් දීමකට මත මෙලෙස අත් අඩංගුවට ගත් බවයි.
     
    පසුව එම ස්ථානයට ගුවන් හමුදා සිවිල් නිලධාරීන් දෙදෙනෙක් පැමිණ සිදුකල මූලික පරීක්ෂණයකදී අනාවරණය වූයේ, එම ඩ්රොන යානය සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වි තිබුනද එම අවස්ථාවේ ඩ්රෝන් යානය ක්රියා කරවීමට කිසිදු අවසරයක් ඔහුන් ලබාගෙන නොමැති බවයි.
     
    තවද අග්බෝ ඇතා රෝගී වූ මොහොතේ තොරතුරු ආවරණය කිරීමට ගිය මාධ්යවේදීන්ට ද අග්බෝ ඇතා රූපගත කිරීමට වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා නියෝග නිකුත් කළේ මීටර් 100ක් පමණ දුරින් සිට රූගත කිරිම් සිදුකරන ලෙසයි.
     
    නමුත් ප්රදේශය වාසීන් පවසනේ විවිධ කාරණා කියමින් ඇතාව රූපගත කිරීමට විශාල පිරිසක් ඇතා ආසන්නයටම දිනපතා පැමිණෙන බවයි.

    Latest News