සක්විතිට සහ බිරිඳට ලක්ෂ 18 බැගින් දඩ

දෙසැ 12, 2023

    ‍ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම සහ එම වරදට ආධාර අනුබල දීම යන චෝදනාවලට වරද පිළිගත් සක්විති රණසිංහ මහතාට සහ ඔහුගේ බිරිඳට කොළඹ මහාධිකරණය අද රුපියල් ලක්‍ෂ 18 බැගින් දඩ නියම කළා.

    එම තීන්දුව දෙනු ලැබුවේ, මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසින්. අදාළ දඩ මුදල නොගෙවන්නේනම්, මාස 24 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත්, විනිසුරුවරයාගේ තීන්දුවේ සඳහන්. 2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කරනු ලැබූ නඩුවක් අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේ විත්තිකරුවන් අධිකරණය හමුවේ සඳහන් කළේ, අදාළ චෝදනාවලට වරද පිළි‍ගන්නා බවයි. ඒ අනුව, මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

    Latest News