IMF දෙවැනි වාරිකය සඳහා ඇනුමැතිය

දෙසැ 13, 2023
    ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

    එම අරමුදල ශ්රී ලංකාව සමඟ එළඹ ඇති මාස 48 ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබා දුන්නා.

    ශ්රී ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්රගතිය පිළිබඳව ජාත්යන්තර මූල්ය අරමුදල සෑහීමට පත්වන බවත් එහි විධායක මණ්ඩලය පෙන්වා දුන්නා.
    Last modified on බදාදා, 13 දෙසැම්බර් 2023 08:25

    Latest News