ඩුබායි වලින් පිටුවහල් කළ ලලිත් කුමාරව රඳවා ප්‍රශ්න කිරීමට නියෝග

මාර් 28, 2019

    ඩුබාහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර පැය 24ක් රඳවා ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොළඹ අපරාධ කොට්ඨසයට අවසර ලබා දෙයි.

    අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සමග ඊයේ(27) ඩුබායි සිට පිටුවහල් කළ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර කටුනායක ගුවන්තොටුපොලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනිණ. පැය 07කට ආසන්න කාලයක් මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමෙන් පසු නදීමාල් පමණක් මුදාහැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේය.

    2014 වසරේ පෙබරවාරි 27 වෙනිදා කළුතර දී කඩුවෙල සමයන් ඇතුළු පතාළ සාමාජිකයින් 7 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට තොරතුරු සැපයූ බවට ලලිත් කුමාරට චෝදන එල්ල වී තිබේ. මේ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඔහුගේ වැඩ තහනම් කර ඇති අතර එම තොරතුරු ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 19:50

    Latest News