බුද්ධි කීර්ති‍සේන මහතා දිවිසැරිය නිමා කරයි !

ඔක් 17, 2023
    ප්රවීණ චිත්රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 83 ක්.

    ‘ඇය ඔබට බාරයි’, ‘සුජාතා’ විත්රපටයේ නව නිෂ්පාදනය ආදී චිත්රපට නිෂ්පාදනය කළ බුද්ධි කීර්තිසේන මහතා, දේශීය බතික් කලාව ජාත්යන්තරයට ගෙන යාමට පුරෝගාමී මෙහෙවකරක් ඉටු කළා.

    ඔහු, ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයෙක් ද වනවා. බුද්ධි කීර්තිසේන මහතා, සම්මානනීය චිත්රපට අධ්යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන බූඩි කීර්තිසේන මහතාගේ පියාණන්.
    දේහය කොළඹ ලේක් ඩ්රයිව් හි පිහිටි අංක 158/3 නිවසයට හෙට රැගෙන යාමට නියමිතයි.
    ලබන 19 වැනිදා දහවල් 12.00 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ පිහිටි නිවසේ දේහය තැන්පත් කෙරෙනවා.
    සෙනසුරාදා සවස 4.00 ට කොස්වාඩිය සුසාන භූමියේදී ආදාහනය සිදු කිරීමට නියමිතයි.

    Latest News