ATM හොරු බඩුත් එක්ක කොටු

ඔක් 18, 2023
    මදුරන්කුලිය ප්රදේශයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්රයකින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරාගැනිමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

     ATM යන්ත්රය නඩත්තු කිරිමේ සේවකයන් ලෙස පෙනි සිටිමින් පසුගිය 7 වැනි දා රාත්රියේ රුපියල් ලක්ෂ 105 කට ආසන්න මුදලක් ඉබි යතුරු භාවිතා කරඅදාල රහස් අංකද නිසි ලෙස භාවිතා කරමින් මොවුන් සොරා ගෙන තිබුණා.

    පසුව, පොලීසිය සිදුකළ විමර්ශනවලට අනූව අනුරාධපුර නගරයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.
     
    ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව කටුගස්තොට, අලදෙනිය ප්රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් 9,277,000 මුදලක් ද සොයා ගැනුණා.
    සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News