මෙරටින් තවත් සය නිවුන් දරු උපතක්

ඔක් 17, 2023
    කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා.

    රාගම ප්රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකළ බවයි, රෝහල් අධ්යක්ෂ වෛද්ය අජිත් දන්තනාරායන මහතා පවසන්නේ.

    දරුවන් හය දෙනාම යහපත් සෞඛ්ය තත්වයේ පසුවනවා.
    මෙරටින් අවසන් වරට සය නිවුන් දරු උපතක් වාර්තා වුනේ 2021 ඔක්තෝම්බර් 21 වැනිදායි. ඒ පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ ගැහැණු දරුවන් තුන් දෙනෙකු.
    Last modified on අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:10

    Latest News