12 දෙනෙකුට මරු කැඳවූ මහාරාෂ්ට්‍රයේ අනතුර

ඔක් 16, 2023

    ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබේ.

    විදෙස් මාධ්‍යය වාර්තා කළේ ඊයේ (15) අලුයම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි අධිවේගී මාර්ගයක දී කුඩා බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටී එම අනතුර සිදු ව ඇති බවයි.

    අනතුරින් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    බස්රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර, එය රියදුරුට පාලනය කරගත නොහැකි ව කන්ටේනරයේ පිටුපස ගැටී මෙම අනතුර සිදු ව ඇති බව සඳහන් වේ.

    අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මඟීන් 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය‍ය වාර්තා කරයි.

     

     

    Latest News