ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාණෙනි ඔබට සුබ ගමන්

ඔක් 09, 2023
    ජ්යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභාවප්රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.

     

    ඒ රිය අනතුරකට ලක්ව මාස 14කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ දී ප්රථිකාර ලබමින් සිටියදීයි. මියයනවිට ඒ මහතා 65වැනි වියේ පසු වුණා. උපත (1958 ජූලි 8 )
    පසුගිය 2022 වසරේ ජුලි මස 22 වැනිදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්රදේශයේ දී වන අලියෙකුගේ ගැටී හදිසි අනතුරකට ලක්ව තිබුණා.
     
    එහිදී බරපතල තත්ත්වයෙන් සිටි ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රොහල වෙත රැගෙන එනු ලැබුවා.
     
    අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ප්රතිකාර ලබමින් සිටිය දී අද (09) අලුයම මෙලෙස අභාවප්රාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.
     
    කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි හෙවත් ජැක්සන් ඇන්තනී, යනු ශ්රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ අසහාය නළුවෙකි.
     
    ශ්රී ලංකාවේ ජනප්රියම කලාකරුවෙකු වන ඇන්තනි හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත දහසය වතාවක් දිනා ගත්තේය.
     
    ප්රධාන වශයෙන් මාධ්ය තුනම අතික්රමණය කල නළුවෙකු වන ඇන්තනී රංගනයට අමතරව අධ්යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන ලක්ෂන පෙන්වා තිබෙනවා.
     
    කුමාරි සඳලතා මුණසිංහ සමග අතිනත ගත් ජැක්සන් ඇන්තනී දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකි.
    මාධවී වත්සලා,අකිල ධනුද්දර සහ සජිත ඇන්තනි ද ශ්රී ලාංකීය කලාවට මහගු සම්පතක් බවට දැනටමත් පත්ව තිබෙනවා.
    2007 වසරේදී ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ හොඳම කලාකරුවාට හිමි ජනතා සම්මානය ඇන්තනි හිමිකර ගත්තේය.
     
    2000 දශකයේ මුල් භාගයේ ස්වර්ණවාහිනී නිර්මාණ අධ්යක්ෂක ලෙස කටයුතු කළ අතර හපන් පැදුර නම් ජනප්රිය ළමා සංගීත වැඩසටහනක් නිෂ්පාදනය කළේය.
    මීට අමතරව මහා සිංහලයේ වංශ කතාව සහ මහා සිංහලයේ යටත් විජිත වංශ කතාව යන ඉතිහාස වැඩසටහන් ස්වර්ණවාහිනිය හරහා වසර කිහිපයක් ඉදිරිපත් කළේය.
     
    ඔහු විසින් නිර්මාණය කරන ලද අනෙකුත් ජනප්රිය වැඩසටහන් අතරට අවාරේ සිරිපා, ගඟ දිගේ, රෝම පුරාණය සහ සලං හන්තේ සංචාරක වැඩසටහන් හැදින්විය හැකියි.
    සිනමාවට අමතරව, ඔහු ක්ලැරන්ස් විජේවර්ධන සමඟ සංගීත කටයුතු කළේය.
     
    ඔහු ක්ලැරන්ස් සමඟ “සිතේ සුසුම්” සහ “දෙස පියා ගත්කල” නම් අතිශය ජනප්රිය ගීත දෙකක් ගායනා කළේය.
    2020 ජනවාරි මාසයේදී ඔහු සිය "කන්ද උඩ ගින්දර" කෘතිය එළිදැක්වීය.
     
    2020 ජූලි 22 වන දින ඔහු කළු ගඟ ඔස්සේ දෙවන සංචාරක වාර්තා වැඩසටහන "කළු ගඟ දිගේ" ආරම්භ කළේය.
    මෙලෙස ශ්රී ලාංකීය සිනමාවට, ගුවන් විදුලියට,පුවත්පත් කලාවට සහ රූපවාහිනියට ඔහු සිදු කළ මෙහෙවර සදා අමරණීය වනවා.
    අසහාය කලාකරුවානෙනි ඔබට නිවන් සුවය ලැබේවා !
    Last modified on සදුදා, 09 ඔක්තෝබර් 2023 13:23

    Latest News