ජැක්සන් ඇන්තනීගේ දේහය කඩවත නිවසට

ඔක් 11, 2023
    අභාවප්රාප්ත ප්රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

     බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර තිබූ දේහය ඊයේ (10) රාත්රීයේ නිවසට රැගෙන එනු ලැබුවා.

    දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයින් මෙන්ම ජැක්සන් ඇන්තනී මහතාට ආදරය කළ ප්රේක්ෂකයින්ද විශාල පිරිසක් පැමිණියා.
     
    දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) සවස 03.00 ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.
     
    රිය අනතුරකට ලක්ව මාස 14 ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය 9 වැනිදා අභාවප්රාප්ත වුණා.

    Latest News