‘කුර හඬෙකි වියැකෙන’ ස්වර්ණපුස්තක සම්මානයට

සැප් 09, 2023

    ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 17 වැනි වරට සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උලෙළ ඊයේ (8) සවස BMICHහිදී පැවැත්වුණා.

    එහිදී ප්‍රශස්තම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය හා රුපියල් අට ලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගය නෝබට් අයගමගේ රචනා කළ ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශයට පත් කළ, ‘කුර හඬෙකි වියැකෙන‘ නවකතාවට පිරිනැමුණා.

    මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ මහාචාර්‍ය ප්‍රණීත් අභයසුන්දර මහතා සම්මානය ජයග්‍රාහකයාට තිළිණ කළා.

    ස්වර්ණ පුස්තක උත්තරීතර විනිශ්චය මණ්ඩලයේ සභාපතිනී මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති, සමන්ත ඉන්දීවර, එහි ලේකම් දිනේෂ් කුලතුංග, ග්‍රන්ථ ප්‍රකාශක ප්‍රේම් දිසානායක, සම්පත් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී විධායක අධ්‍යක්ෂ අජන්ත ද වාස් ගුණවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක්ද උත්සවයට එක්ව සිටියා.

    Latest News