ආණ්ඩු වෙනස් වුවත් රටේ ප්‍රතිපත්ති ස්ථාවරවිය යුතුයි ජනපති පවසයි

සැප් 08, 2023

    ආණ්ඩු වෙනස් වුවත් රටේ ප්‍රතිපත්ති ස්ථාවරව පැවතිය යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

    කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති සමග රටක් දියුණු කළ නොහැකි බවයි, ජනාධිපතිවරයා සදහන් කරන්නේ. අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති රාමුව එළිදැක්වීමේ උත්සවයට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ජාතික ප්‍රතිපත්ති රාමුව එළිදැක්වීමේ උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ විදෙස් තානාපතිවරුන් එක්ව සිටියා.

    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට පියවර ගැනෙනවා. ඊට අදාල කෙටුම්පත් මේ වසර අවසන්වීමට පෙර සකස් කරන ලෙසට ජනාධිපතිවරයා අදාල අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී ඇති බව, මෙහිදී සඳහන් කෙරුණා. 2017 වසරේදී යෝජනා කළ ප්‍රතිපත්තිය 2018 වසරේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා අවසන් කර නිල වශයෙන් එළිදැක්වුණා.

    එහෙත් වසර 07ක් යන තෙක් එය ක්‍රියාත්මක වූයේ නැහැ. ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීම රජයේ ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති වල ස්ථාවරභාවය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් බවයි, ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

    Latest News