ඊයේ විථී සැරූ ගොන්පිට පෙරහර

අගෝ 29, 2023

    නවගමුව - පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය ඇතුළත් "ගොන්පිට පෙරහර" ඊයේ රාත්‍රි විථී සංචාරය කළා. ‍‍

    මෙය, පත්තිනි දේවාලයට පමණක් විශේෂ වූවක්. අතීතයේ ගවයන්ට සෑදුණු කුර රෝගයක් සුවකර දෙන ලෙස පත්තිනි දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙම පෙරහර පැවැත්වෙනවා.

    පෙරහර මංගල්‍යය අගෝස්තු 19 වැනිදා ආරම්භ වුණා. එය, ලබන සෙනසුරාදා අවසන් වීමට නියමිතයි. නවගමුව - ශ්‍රී සුගත බිම්බාරාම රාජමහා විහාරාධිපති, පූජ්‍ය මල්වානේ පඥාසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙරහර සංවිධාන කෙරෙනවා.

    Latest News