රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

අගෝ 21, 2023

    උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසුව අවලංගු නොවන බව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා. 

    ඒ අනුව මීට පෙර එම ලේඛන මාස 6කට වලංගු වන බව පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

    මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ යන අමාත්‍යංශවලටත් ආගමන විගමන හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

    කෙසේවෙතත් යම් අවස්ථාවක දී උප්පැන්න විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 

     

    Latest News