ලක්ෂ 8ටත් වඩා සංචාරකයින් මෙරටට

අගෝ 22, 2023

    මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

    අගෝස්තු මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයින් 98,831දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වනවා.

    එම සංචාරකයින් අතර ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් 19,804දෙනෙකු සහ බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් 12,188 දෙනෙකු සිටින බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

    ඒ අනුව, මේ වන විට දිවයිනට විදෙස් සංචාරකයින් 866,744 දෙනෙකු පැමිණ තිබෙනවා.

    ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර චීනයෙන් ද සංචාරකයින් 35,000කට වැඩි පිරිසක් මේ වසරේ දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

    Latest News