යළි අලුත් වූ ගුවන් ගමන

අගෝ 21, 2023

    ස්පයිස් ජෙට් (SpiceJet) ගුවන් සේවා සමාගම යළිත් ඉන්දියාවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ඊ‍යේ (20) පස්වරුවේ සිට ආරම්භ කළා.

    මෙම ගුවන් ගමන් සේවා පසුගිය කොරෝනා වසංගත සමයේ දී අත්හිටුවා තිබිණා.

    එස්.ජී.- 03 දරන ප්‍රථම මංගල ගුවන්යානය ඊයේ (20) පස්වරු 2.02ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා. ඒ මෙහි ගුවන් මගීන් 30 දෙනකු සහ කාර්යය මණ්ඩලය 04 දෙනෙකු ද සහිතවයි.

    මින්පසු සතියේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම ගුවන් සේවා යානා පස්වරු 2.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එදිනම පස්වරු 3.10ට කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්ව යෑමට නියමිතයි.

    ඊයේ පැමිණි මෙම ගුවන්යානය පස්වරු 2.50ට ගුවන් මගීන් 50 දෙනකු සහ කාර්යය මණ්ඩලය 04 දෙනකු රැගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් මදුරෙයි බලා පිටත්ව ගියා.

    Latest News